වසර තිහකට පසු ගුවන් හමුදාව ඉදිරියේ මහනුවර පරාජය
ශ්රී ලංකා රග්බි ඉතිහාසයේ වසර තිහකට පසු මහනුවර කණ්ඩායමට එරෙහි ව ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. ඒ මෙවර ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ පෙරේදා (11) පැවති තරගයකින් මහනුවර කණ්ඩායම පරදා ලකුණුි 24-21 ක ජයක් හිමි කර ගනිමිනි.
රත්මලාන ගුවන් හමුදා ක්රීඩා පිටියේදී පැවති තරගයේ පළමු අර්ධයේ පටන් මහනුවර කණ්ඩායමට අමතක නොවන තරගයක් ලබා දුන් ගුවන් හමුදාවෝ පළමු අර්ධය ලකුණු 14-07 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් අවසන් කළහ.
ගුවන් හමුදාව ගෝල දිනුම් තුනක් හා එක් දඩුවම් පහරක් මගින් සිය ලකුණු රුස් කරද්දී මහනුවරට සාර්ථක කරගත හැකි වූයේ ගෝල දිනුම් 3 ක් පමණි.
මහනුවර කණ්ඩායම රග්බි පිටියේ (පසලොස් සාමාජික) පරාජයක් ලැබුවේ පසුගිය (2014/2015) රග්බි තරගාවලියෙන් පසුව වීම විශේෂත්වයක් වූ අතර ඔවුන් ගුවන් හමුදාව ඉදිරියේ අවසන් වරට පරාජයට පත් වී ඇත්තේ 1986 වර්ෂයේ පැවති ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
