ලෝක ශූරයෝ ඉවතට
- 26 03 2015
- 16:59
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්දින ලෝක කුසලානයේ වර්තමාන හිමිකරුවන්වන් ඉන්දීය කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ලකුණු 95කින් පරාජයට පත්වෙමිනි. ඒ අනුව එළැඹෙන 29දා ඔස්ට්‍රේලියා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලානය සඳහා මෙල්බර්න් පිටියේදී තරග වැදිමට නියමිතය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 328ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමට ලකුණු 329ක ඉලක්කයක් ලබාදුන්නේය. නමුත් සියලු දෙනා දැවී ඉන්දීය කණ්ඩායමට රැස්කර ගත හැකිවූයේ ලකුණු 233ක් පමණි.
ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ස්ටීවන් ස්මිත් පිත්තෙන්ද, ජේම්ස් ෆෝල්ක්නර් පන්දුවෙන්ද දක්ෂතා දැක්වීය.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
