10 වැනි ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියට සහභාගී වන පසුගිය වර තරගාවලියේ ශූරයන් වූ ඉරාන ජාතික යොවුන් වොලිබෝල් කණ්ඩායම ඊයේ (31 දා) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
තරගාවලිය සඳහා සහභාගී වන තවත් කණ්ඩායම් 12 ක් (ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ජපානය, කසකස්තානය, කොරියාව, සෞදි ආරාබිය, මාලදිවයින, කටාර් රාජ්‍යය, චීන තායිපේ, හොංකොං, ටර්කිමෙනිස්තානය) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 05 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.