ඉන්දියාවට එරෙහිව පැවැති සිවුවැනි එක්දින තරගයෙන්ද පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව අවධානමකට පත්ව තිබේ.
හිටපු ලෝක කුසලාන ජයග්‍රාහකයන් වන ශ්‍රී ලංකා කණ්ඩායමට තරග පහකින් යුත් තරගාවලියේ තරග දෙකක් පමණක් ජය ගැනීමෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව තිබුණි. ඒ තරගාවලිය වෙනුවෙන් සෘජුව සුදුකම් ලබාගන්නා කණ්ඩායම් තෝරා ගන්නා දිනය සැප්තැම්බර් 30 දා අවසන් වන හෙයිනි.
තරග හතරක් පරාජයට පත්වීම හරහා කොදෙව්වන්ට ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාව ශ්‍රී ලංකාව විසින් හෙළි කර දී තිබේ.
ශ්‍රී ලංකාව පස්වැනි එක්දින තරගය ජයගත්තත් සැප්තැම්බර් 30 දා වන විට අයි.සී.සී. ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 88ක් හිමිවෙනු ඇත. ශ්‍රී ලංකාව මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවෙයි.
කෙසේ වෙතත් ඉරිදා තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව කොදෙව්වන් අයර්ලන්තය හා එංගලන්තය සමගින් පැවැත්වෙන එක්දින තරග 6න් එක් තරගයක් පමණක් පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව පවසයි. එංගන්තයට එරෙහිව පැවැත්වන එක්දින තරග පහට ප්‍රථම කොදෙව්වන් අයර්ලන්තයේදී එක් එක්දින තරගයකට ක්‍රීඩා කරයි. කොදෙව්වන් මෙම තරග හයම ජයගත හොත් ප්‍රසාද ලකුණු 88ක් ඔවුන්ට හිමිවන අතර ඒ අනුව ඔවුන් ශ්‍ර ලංකාව අභිභවා යනු ඇත.
ශ්‍රී ලංකාව ඉන්දීය තරගාවලිය 5-0ක් ලෙස පරාජයට පත්ව එංගලන්තය හා පැවැත්වෙන තරගාවලියේදී කොදෙව්වන් එක් තරගයක් පමණක් පරාජයට පත්වීමෙන් ශ්‍රී ලංකාවට තරගාවලියට සුදුසුකම් ලැබීමට අවස්තාව තිබේ.
කෙසේ වෙතත් ක්‍රිස් ගේල් හා මාලන් සැමුවෙල් නැවතත් කණ්ඩායමට ගෙනවිත් කොදෙව් ක්‍රිකට් ආයතනය කණ්ඩායම ශක්තිමත් කර තිබේ.
ලේක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා නොගන්නා කණ්ඩායම් සඳහා තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයකට ක්‍රීඩා කර ප්‍රධාන තරගාවලියට පැමිණිය යුතු වෙයි. සුදුසුකම් ලැබීමේ කණ්ඩායම් තීරණය වන්නේ අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්හි අවසන් හතර දෙනා, අයි.සී.සී. ලෝක ක්‍රිකට් ලීගයේ ශූරතා තරගාවලියේ පළමු කණ්ඩායම් හතර දෙනා හා අයි.සී.සී. ලෝක ක්‍රිකට් ලීගයේ පළමු කණ්ඩායම් දෙක අතර අතර මෙම වට පැවැත්වෙයි. එයින් ප්‍රමුඛස්ථානය ගන්නා රටවල් දෙක මැයි 30 දා සිට ජුලි 15 දා දක්වා පැවැත්වෙන තරගවලියේ ප්‍රධාන කණ්ඩායම් 10 අතරට එක්වෙනු ඇත.