ටෙස්ට් ක්‍රීඩකයන් අතරින් ජිවත්ව සිටි වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වූ දකුණු අප්‍රිකාවේ ලින්ඩ්සේ ටකෙට් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මය යන විට 97 වැනි වියේ පසුවිය.
1947 සිට 1949 දක්වා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙසට් තරග 9ට ක්‍රීඩා කර ඇති ලින්ඩ්සේ කඩුලු 19ක් හා ලකුණු 131ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. සිය 16 වැනි උපන්දිනයෙන් මද දිනකට පසුව එනම් 1935 වසරේදී සිය පළමු පෙළ ක්‍රීඩා දිවිය අාරම්භ කිරීමට ලින්ඩ්සේ සමත්විය.
ලින්ඩ්සේගේ පියා හා මාමා හිටපු දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩකයෝ වෙති. ලින්ඩ්සේගේ අභාවයෙනු පසුව මේ වන විට ලෝකයේ ජීවත්ව සිටින වයස්තගම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස දකුණු අප්රිකාවේම ජෝන් වොට්කින්ස් වාර්තා අතරට එක්වෙයි. ඔහුගේ වයස අවුරුදු 93කි.