ලෙදර් පන්දුව විනිසුරුටත් මරණය ගෙනෙයි
- 30 11 2014
- 09:54
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ඊශායෙලයේ ක්‍රිකට් තරගයකදී පන්දුව පපුවේ වැදීමෙන් විනිසුරුවරයෙකු ජීවතික්ෂයට පත්ව තිබේ.
වේගයෙන් යොමුකළ පන්දුවකට පිතිකරු එල්ල කළ පහරක් පළමුව විකට්ටුවේ වැදී දෙවනුව විනිසුරුගේ පපුවේ හා බෙල්ල ප්‍ර දේශයේ වැදිමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊශායෙලය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙසද කටයුතු කර තිබෙන 55 හැවැරිදි හිල්ලෙල් ඔස්කාර් නම් විනිසුරු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (29දා) මෙම අනතුර සිදුව තිබේ. එය ඊශ්රායෙල ලීග තරගාවලියේ අවසන් තරගයද වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව පිල් හියුස්ගේ මරණයෙන් දින දෙකකට පසුව මෙම මරණය සිදුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
