පසුගියදා නිමා වූ කෝපා ඇමෙරිකා කුසලාන අවසන් මහ තරගයේදී පරාජයට පත්වීම හේතුවෙන් ආජන්ටිනා ජාතික කණ්ඩායමට සමුදුන් ලියොනල් මෙසී නැවතත් පාපන්දු පිටියට පැමිණෙන බව පවසයි.
ජුනි මාසසේදී මෙසී පාපන්දු පිටියට සමුදුන් අතර ඔහු නැවතත් පසුගිය සිකුරාදා පාපන්දු පිටියට පැමිණෙන බව නිවේදනය කළේය. 2018 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය අරමුණු කරගනිම්න් මෙසී නැවතත් පාපන්දු පිටියට පැමිණීමට තීරණ කර තිබේ.
මෙසී සිය නැවත පැමිණීම ප්රකාශ කිරීමත් සමගි ලබන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් ලබන මාසයේ පැවැත්වීමට නියමිත උරුගුවේ හා වෙනිසියුලා රටවල්වලට එරෙහි ආජන්ටිනා කණ්ඩායම සඳහා මෙසී නම්කොට තිබෙනවා.
"ආජන්ටිනා පාපන්දු ක්රීඩාවේ ගොඩක් ප්රශ්න තිබෙනවා කියලා මම දකිනවා. ඒත් මම තවත් ප්රශ්නයක් නිර්මාණය කරන්න කටයුතු කරන්නේ නෑ. මම මේ රටට වගේම මේ ටී ෂර්ටයටත් බොහෝ ආදරෙයි"
.