ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වන බවට හෝ ලිංගික අල්ලස්වලට ගොදුරු වන බවට කිසිම ක්‍රීඩිකාවක් මේ දක්වා අදාළ අංශයකට පැමිණිලි කර නැති බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (04දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එසේම මෙවැනි සිද්ධීන් සිදු වී ඇති බවට පළ වී ඇති වාර්තා හා තොරතුරු පිළිබඳ සොයා බැලීම සඳහා කොමිසමක් පත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැසීය.
කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බැලිම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිිටුවක් ඊයේ (03දා) අමාත්‍යවරයා පත්කළ අතර ඒ වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.