ෙපාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ලාහෝර් නුවර ඔක්තෝබර් 29 දා පැවැත්වීමට නියමිත විස්සයි20 තරගයට එක්වීමට නොහැකි බව කී ක්‍රීඩකයන් විස්සයි20 තරගාවලියට සම්බන්ධ කර නොගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩකයන් 39ක් ලාහෝර් නුවර තරගයට එක්විය නොහැකි බව පවසා ඇත. කෙසේ වෙතත් තිසර පෙරේරා ලාහෝර් යන බවට පවසා තිබේ.
ඒ අනුව විස්සයි20 තරග තුනටම එක් කණ්ඩායමක් යොදා ගැනීමට ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇත. පාකිස්තානයට යා නොහැකි බව කී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරග දෙක සඳහා ක්‍රීඩා කළ හැකි බව පවසා ඇත. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය ඒ සඳහා අකමැත්ත ප්‍රකාශ කර තිබේ.