ලාහෝර් ආරක්ෂාව බලන්න ක්රිකට් නිලධාරීන් පාකිස්තානයට
- 25 10 2017
- 11:33
- {{hitsCtrl.values.hits}} views
- ජලිත යහරුවන්
පාකිස්තානයේ ලාහෝර් නුවර ආරක්ෂක තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (25දා) පාකිස්තානයට පිටත් කර යැවීමට ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා තිබේ.
එම පරීක්ෂාවෙන් අනතුරුව එම කණ්ඩායම විසින් මෙම (29දා) ලාහෝර් නුවර පැවැත්වීමට නියමිත ශ්රී ලංකා- පාකිස්තාන අවසන් පන්දුවාර 20 ක්රිකට් තරගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට නියමිතය.
පාකිස්තානය සහ ලෝක ක්රිකට් කණ්ඩායම අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවැති ක්රිකට් තරගාවලියෙන් පසු සාර්ථක ක්රිකට් තරගාවලියක් පැවැත්වීමට ගඩාෆි ක්රීඩාංගණය හොඳින් සූදානම් කර ඇතැයි පාකිස්තාන ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

