රන් පදක්කම් 05ක් සමගින් සමස්ත පදක්කම් 16 ක් දිනාගනිමින් ලයන්ස් කුසලාන ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02දා) සමත්විය. තරගාවලිය පසුගිය 28 වැනිදා සිට දින පහක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රටවල් දහයක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලිය බර පන්ති දහයක් යටතේ පැවැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කම් 09 ක් දිනාගැනීමට සමත්විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මොහොමඩ් ඩිල්ෂාන් සම්මාන හිමිකරගත් අතරල දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අනූෂා කොඩිතුවක්කු සම්මාන හිමිකරගත්තාය.
රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම
මොහොමඩ් ඩිල්ෂාන් (දක්ෂතම ක්‍රීඩකයා) සහ අනූෂා කොඩිතුවක්කු ( දක්ෂතම ක්‍රීඩිකාව)
ඡායාරූප චානුක කුලසේකර