ලන්ඩන් ඉදන් ආවේ විවේචන බලාපොරොත්තුවෙන්
(VIDEO) තමා ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරයෙන් පසුව ලන්ඩන් නුවර සිට කොළඹට පැමිණියේ විවේචන බලාපොරොත්තුවෙන් වුවත් ගුවන් තොටුපොළේ නිලධාරීන්, ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පෙන්වූ සහයෝගය, ආදරය අගය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
"ලන්ඩන් ඉදන් මෙහේ ගොඩබැස්සාට පස්සේ ගොඩක් විවේචනාත්මක දේවල්වලට සූදානම් වෙලා හිටියේ. අපි ගොඩබැස්ස වෙලාවේ ඉදලා එයාර් පෝට් එකේ නිලධාරීන්ගේ ඉදන් ඒ හිටපු සියලු දෙනාම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇවිල්ලා හිටියා. අපිත් එක්ක කතා කරපු විදිය, අපිට පෙන්නපු සහයෝගය ආදරය, සෑහෙන අපි කණ්ඩායමක් වශයෙන් අගය කරනවා. අපි කණ්ඩායමක් වැටිලා ඉන්න වෙලාවකදී ඒ වගේ සහයෝගයක් ලබාදෙන එක කණ්ඩායමක් ලෙස අගය කරනවා." යැයි මැතිව්ස් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

