2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන ලෂ්කාර්-ඊ-ජාන්ගි සංවිධානයේ නායකයාද වෙන කුආරි අජ්මාල් නම් ත්‍රස්ත නායකයා ඇමෙරිකාව හා ඇෆ්ගනිස්ථානය කළ ඒකාබද්ධ මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇමෙරිකා හා ඇෆ්ගනිස්තාන විශේෂ බළකා සෙබළුන් විසින් මෙම ක්‍රියාන්විතය මෙහෙයවා තිබේ. පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන දේශසීමා අාසන්නයේදී මෙම ප්‍රහාරය දසිදුව ඇත. මෙම ත්‍රස්තවාදී නායකයා ප්‍රධාන ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2009 වසරේදී ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් පාකිස්තාන පොලිස් නිලධාරින් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, චමින්ද වාස්, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර යන ක්‍රීඩකයෝ තුවාල ලැබූහ.