ලංකාවේ ඉදන් ගෙදර යන අලුත්ම ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන්
- 5 09 2016
- 11:24
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ආබාධ හේතුවෙන් තවත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙපළකට ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අහිමිව තිබෙනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරොන් ෆින්ච් හා ක්‍රිස් ලීන් ආබාධවලට ලක්ව ඇති අතර ඒ අනුව ඔවුන්ට විස්සයි20 තරගාවලිය අහිමිවෙයි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ෂොන් මාෂ් හා නේතන් කොට්ලර් නයිල්ද මිට ඉහතදී ආබාධවලට ලක්ව ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. ෆින්ච් ඊයේ පැවැති තරගයේදී ආබාධයකට ලක්ව ඇති අතර ක්‍රිස් ලීන් පුහුණු සැසියකදී ආබාධයකට ලක්ව තිබේ. දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගය හෙට (06දා) පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
