සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දින 08 ක විශේෂ දඟපන්දු පුහුණුවක් බ්‍රිස්බේන්හි බූපා ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී (NCC) ලබාදීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
අදාල පුහුණුව මෙම සතිය තුළදී සදර්න් ස්ටාර්ස් කණ්ඩායමේ පුහුණුකරු මැතිව් මොට් යටතේ ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා උපමහද්වීපික රටවල පවතින රතු පස් සහිත ක්‍රිකට් පිටියක් නිර්මාණය කිරීමටද ඔස්ට්‍රේලියාව පියවර ගෙන ඇත.
"අපි උපමහාද්වීපික තත්ත්වවලට හුරුවිය යුතුයි. ඒ සඳහා අපි අපේ දඟපන්දු යවන්නන් සංවර්ධනය කළ යුතුයි. අපි වැඩි අවධානයක් යොමු කරනුයේ අපේ දඟපන්දු යවන්නන්ට පන්දුව දඟ කැවීම පිළිබඳව හා පිතිකරුවන්ට දඟපන්දුව ඉදිරියේ පිතිකරණයේ නියැළීම පිළිබඳව අවබෝධයක් ලබා." යැයි පුහුණුකරු මොට් මහතා ක්‍රිකට් ඩොට්කොම් ඔස්ට්‍රේලියා වෙබ් අඩවියට සඳහන් කර තිබුණි
. මෙම පුහුණුව සඳහා මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රිඩීකාවන් කිහිපදෙනෙකුද එක්වීමට නියමිතය.