සාර්ථක සබඳතාව අවසන්
(UPDATE) ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පන්දුවා 32ක් අවසානයේදී කඩුලු දෙකක් දැවි ලකුණු 194ක් රැස්කරගෙන සිටියි. දෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක ලකුණු 159ක සාර්ථක සබඳතාවක් ගොඩ නගමින් ශ්රී ලංකා කණ්ඩායම තරගය දෙසට ගෙන ආවේය. කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක දුවද්දී දැවී යාමකට හසුව දැවී ගියේය. ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමක ක්රීඩකයන් දෙදෙනෙකු වාර්තා කළ තෙවැනි ඉහළම සබඳතාවද එය වෙයි. කුසල් මෙන්ඩිස් (89) හා කුසල් පෙරේරා (9) නොදැවී පිටියේ රැඳී සිටිති.
දැවී ගිය ක්රීඩකයන්
නිරේෂන් දික්වැල්ල - 7
ධනුෂ්ක ගුණතිලක - 76
කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ ඇරයුමින් ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 06ක් බිඳ වැටී ලකුණු 321 රැස්කර ගත්තේය.
ඉන්දීය ඉනිම වෙනුවෙන් දවාන් ලකුණු 125ක්, රෝහිත් ශර්මා ලකුණු 78ක් සහ දෝනි ලකුණු 63ක් ලබාගත්හ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

