ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට දිවා/රාත්‍රී ටෙස්ට් තරග හඳුන්වාදීමෙන් පසු පළමු ටෙස්ට් ශතකය රැස්කළ පිතිකරුවා ලෙස ක්‍රිකට් වාර්තා පොතට අලුත් පිටුවක් එක්කිරීමට පාකිස්තානයේ ආසර් අලි ඊයේ (13දා) සන්ධ්‍යාවේදී සමත් විය.
පාකිස්තානු කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේදී මෙම දස්කම දැක්වීමට අසාර් අලි සමත්වූ අතර, ඊයේ දිනය නිමා වනවිට පන්දු 268කට මුහුණදී සිටි ඔහු නොදැවී ලකුණු 146ක් රැස්කරගෙන සිටියේය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම දිනය නිමා වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 279ක් රැස්කරගෙන සිටියේය. ඉනිමේ පළමු කඩුල්ල ලෙස සාම් අස්ලම් ලකුණු 90කට දැවී ගිය අතර, ඔහු දැවීයන විට පාකිස්තානු ලකුණු පුවරුව 215/1ක් ලෙස සටහන් විය.
ආසියානු තණතිල්ලක දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේද පැවැත්වෙන දෙවැනි තරගය මෙය වේ.
නවසීලන්ත කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අවසන් කරමින් පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති තරගාවලියේ තෙවැනි තරගය ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දිවා/රාත්‍රී ටෙස්ට් තරග රටාව හඳුන්වාදීමෙන් පසු පැවැති පළමු තරගය වූ අතර, එම තරගයෙන් කඩුලු 03ක් ජයක් ලැබීමට ඔස්ට්‍රේලියාව සමත් විය. කෙසේ නමුත් එම තරගය නැරඹීමට වාර්තාගත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහභාගිවුවත්, ඩුබාහි ඊයේ ආරම්භ වූ තරගය ආරම්භයේදී ප්‍රේක්ෂයන් පැමිණ ඇත්තේ 68ක් පමණක් වූ අතර, දිනය අවසානයේදී එය 600ක් දක්වා වැඩිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.