ෆිෆා ආයතනය විසින් වසරක් පාසා ලබාදෙන වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දෙවරක් හිමි කරගත් බ්‍රසීලයේ රොනාල්ඩීනෝ පාපන්දු පිටියෙන් ඉවත් වුවද පසුගියදා එළිදක්වන්ට යෙදුනු මියුසික් විඩියෝව හේතුවෙන් නැවතත් ජාත්‍යන්තරයේ කතා බහට ලක්ව ඇත.
තමන් පාපන්දු ක්‍රීඩාවට පමණක් නොව ගීත ගායනයටද එකසේ දක්ෂතා දක්වන බව ලොවට පෙන්වීමට මේ හරහා රොනාල්ඩීනෝට අවස්ථාව හිමිවිණි. රොනාල්ඩීනෝගේ මෙම ගීතයට බ්රසීලයේම රැප් තරුවක් වන එඩ්සිටිගේ සහායද ලැබී ඇත.
මියුසික් විඩියෝව නැරඹීමට මෙම යොමුවට පිවිසෙන්න -
http://www.youtube.com/watch?v=HK1T4Z9c17M#sthash.TnqurQVp.dpuf
කපිල මන්ත්රිවිතාන