නැමීබියාවේ වොල්විස් බේ (Walvis Bay) නගරයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලියේ පෙරේදා (12දා) පැවැති හරස් දණ්ඩ (Horizontal Bar) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුචිර සංජන ප්‍රනාන්දු සමත්විය.
මීගමුව මාරිස්ටෙලා විදුහලේ ඉගෙනුම ලබන රුචිර ලැබූ මෙම ජයග්‍රහණය මෙරට කනිෂ්ඨ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ලබාගත් ඉහළම ජයග්‍රහණයක් ලෙස සැලකෙන අතර, මීට පෙර 2007 වසරේ පැවැති ආසියානු කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලියේදී තරිඳු පත්තප්පෙරුම රිදී පදක්කම් ජයග්‍රහණය කර තිබිණි.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් 02ක් සහභාගි වූහ.