(GRAPHIC) නවසීලන්ත රග්බි ඉතිහාසයේ බිහිවූ සුපිරිතම නායකයා වන රිචී මැකෝ ජාත්‍යන්තර රග්බි පිටියෙන් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කළේය. මෙවර ලෝක කුසලානය අවසන් වීමෙන් අනතුරුව සිය සමුගැනීම පිළිබඳ දෙගිඩියාවෙන් පසුවූ ඔහු සිය තීරණය අද (19දා) ස්ථිර කළේය.
ලොව වැඩිම ටෙස්ට් රග්බි තරග සංඛ්‍යාවක් (148) ක්‍රීඩා කළ ක්‍රීඩකයා මෙන්ම, ලොව අන්තර්ජාතික වැඩිම රග්බි තරග ප්‍රමාණයක නායකත්වය හෙබවූ ක්‍රීඩකයා ලෙසින් වාර්තා කිහිපයක් හොබවන මැකෝ නවසීලන්තය අඛණ්ඩව ලෝක කුසලාන ද්විත්වයක ජයග්රහණයන් කරා යෑම සඳහා ද මෙහෙයවීමක් සිදුකළේය. ලෝකයේ එවැනි දක්ෂතාවක් දැක්වූ එක්ම රග්බි ක්‍රීඩකයා වන්නේද මැකෝය. එමෙන්ම ලෝක කුසලාන තරගාවලි 4 (2003, 2007, 2011, 2015) ක් සඳහා ක්‍රීඩකයෙකු ලෙසින් ඔහු සිය දායකත්වය කණ්ඩායමට ලබා දී තිබේ.
ෆ්ලෑන්කර් ස්ථානයේ ක්‍රීඩා කරන මැකෝ ලොව බිහිවූ සුපිරි ගණයේ ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකු ලෙසින්ද සැලකේ. කෙසේ වෙතත් ඔහු මෙම තීරණය ගෙන තිබුණේ නවසීලන්ත රග්බි ක්ෂේත්රයට ඉමහත් සංවේගයක් ගෙන දුන් සුපිරි රග්බි ක්‍රීඩක ජොනා ලොමූගේ අභාවයෙන් පැය 24 ක් ගත වන විටදීය.
ලෝකයේ වැඩිම ටෙස්ට් රග්බි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වන මැකෝ ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 148කි. එයින් තරග 131ක් ජයග්‍රහණය කර තිබේ. ලෝක කුසලාන තරග 110කදී නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දරා ඉන් තරග 97ක් ජයග්‍රහණය කර තිබේ. වැඩිම ටෙස්ට් රග්බි ප්‍රමාණයක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා වන්නේද මැකෝය.