(VIDEO) ජර්මනියේ පැවැති ජර්මන් ෆෝමියුලා වන් තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් ඔස්ට්‍රේලියානු ජාතික ඩැනියෙල් රිකාඩෝ ත්‍යාග ප්රදානයේදී සිය සපත්තුවට ෂැම්පේන් දමා පානය කිරීමට කටයුතු කරනු ලැබීය. දුටවන් අතර මහත් අපුලක් ඇති කළ මෙම සිද්ධිය පිළිබඳව බොහෝ දෙනෙකු කරුණු විමසීම ආරම්භ කරන ලදී. ඉන් පසුව අණාවරණය වූයේ සාමාන්‍යයෙන් මෙය ඔස්ට්‍රේලියාවේදී සිදුවෙන්නක් බවත් එය ඔස්ට්‍රේලියාවේදී shoey ලෙස හඳුන්වන බවත්ය.
"ඒක ඔස්ට්‍රේලියාවේ දෙයක් ඒකට කියන්නේ shoey කියලයි. මගේ මිත්‍ර ජැකි මිලර් මීට පෙර මෝටෝ ජීපී 03 තරගයක් ජයග්‍රහණය කළා. එහිදී ඔහු මෙය කළා. මේ තරග කාර්තුව ආරම්භයට පෙරාතුව මම හිතුවා මට තරගයක් ජය ගන්න පුළුවන් වුණොත් එය කරනවා කියලා. ඒ වගේම මේක මගේ 100 වැනි තරගය මම ජයග්‍රහණය කළා. ඉතින් මම එය සැමරුවා." යැයි රිකාඩෝ සිය ක්‍රියාව පිළිබඳව අදහස් දක්වමින් පැවැසීය.
රෙඩ් බුල් කණ්ඩායම නියෝජනය කරන ඩැනියෙල් රිකාඩෝ 2013 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලියේ ප්‍රදර්ශන ඉසව්වක් සඳහාය.
shoey - ඇල්කොහොල් අඩංගු මත් පානයන් සපත්තුවේ දමා පානය කිරිම මේ නමින් හඳුන්වයි. 2015 වසරේදී ඔස්ට්‍රේලියාවේදී මෙය ප්‍රසිද්ධ වූ අතර උපන්දින සාද වලදී හා වෙනත් විශේෂ අවස්ථාවලදී මෙම ක්‍රියාව ඔස්ට්‍රේලියානුවන් විසින් සිදුකරනු ලබයි. මෙහිදී තමාගේ සපත්තුව හෝ නම් කළ අයෙකුගේ සපත්තුවක් මත්වතුර දැමීම සඳහා යොදා ගනු ලබයි.
VIDEO
රිකාඩෝ ශ්‍රී ලංකාවේදී...
VIDEO