රාජස්ථාන් කඩුලු පහක ජයක් ලබයි
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කර ඊයේ (11දා) රාත්‍රියේ බැංගලෝර්හිදී පැවැති 35 වැනි තරගයෙන් කඩුලු පහක ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය.
ලකුණු 191ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයෝ තරගයේ 18.5 වැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 32කදී හයවැනි කඩුල්ලට ලකුණු 85 නොබිඳුණු සබඳතාවක් ගොඩනැගූ ස්ටීවන් ස්මිත් ලකුණු 48ක් හා ජේම්ස් ෆෝල්ක්නර් ලකුණු 41ක් රැස්කිරීමට සමත්වූහ.
පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 190/5 රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙස ජේම්ස් ෆෝල්ක්නර් සම්මාන ලැබීය.
බැංගලෝර් 190/5 (පන්දුවාර 20)
යුවරාජ් සිං 83 (පන්දු 38, 4x7, 6x7)
ඒ.බී. ඩිවිලියර්ස් 58* (පන්දු 32, 4x1, 6x5)
කේන් රිචර්ඩ්සන් 43/2 (පන්දුවාර 4)
රාජස්ථාන් 191/5 (පන්දුවාර 18.5)
කරුන් නයිර් 56 (පන්දු 39, 4x8)
ස්ටීවන් ස්මිත් 48* (පන්දු 21, 4x4, 6x4)
ජේම්ස් ෆෝල්ක්නර් 41* (පන්දු 17, 4x3, 6x3)
යුවරාජ් සිං 35/4 (පන්දුවාර 4)
කොල්කටා කඩුලු නවයක ජයක් ලබයි
කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම පරාජය කර කටක්හි බරබාටි ක්‍රීඩාංගණයේ ඊයේ (11දා) සන්ධ්‍යා‘වේදී පැවැති 34 වැනි තරගයෙන් කඩුලු නවයක පහසු ජයක් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.
ලකුණු 150ක ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායම තරගයේ 18 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකරයාමට සමත්විය. නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ ගෞතම් ගාම්භීර් නොදැවී ලකුණු 63ක් රැස්කළේය.
කොල්කටා ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩාමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 149/8ක් පමණි. විරෙන්ද්‍ර ශෙවාග් ලකුණු 72 රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙස ගෞතම් ගාම්බීර් සම්මාන ලැබීය.
පන්ජාබ් 149/8 (පන්දුවාර 20)
විරේන්ද්‍ර ශෙවාග් 72 (පන්දු 50, 4x11, 6x1)
රිද්දිනම් ශා 15 (පන්දු 9, 4x3)
පියුෂ් චව්ලා 19/3 (පන්දුවාර 4)
කොල්කටා 150/1 (පන්දුවාර 18)
ගෞතම් ගම්භීර් 63* (පන්දු 45, 4x7)
රොබින් උතප්පා 46 (පන්දු 28, 4x8, 6x1)
පර්වින්දර් අවානා 20/1 (පන්දුවාර 4)