ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී සිදුකරන සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස පත්කළ රංගන හේරත්ට හොඳ ක්‍රිකට් දැනුමක් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.
හෙතෙම මේ අදහස් පළකළේ, ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ හෙයින් රංගන නායකත්වයට පත්කළ බවද ඔහු පැවැසීය.
රංගනට තරගයක අවස්ථාවන් හොඳින් හඳුනාගත හැකි බව පෙන්වාදුන් සභාපතිවරයා, නායකයා හා උපනායකයා ආබාධයකට ලක්ව ඇති අවස්ථාවක අලුත්ම නායකයෙකුට කණ්ඩායමේ නායකත්වය පැවැරූ පළමු අවස්ථාව මෙය වන බවද පවසා සිටියේය.
ක්‍රීඩක කොන්ත්‍රාත් පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ, ක්‍රීඩකයන් 17ක් සමග ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ බවත්, ඉදිරියේදී තවත් ක්‍රීඩකයන් 13 දෙනෙකු සමග ජාතික කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන බවත්ය.