තමා නැතිව හැකිනම් ලෝක කුසලාන සංචිතයක් ගොඩ නගන ලෙසත් තමා 2015 වසරේ ලෝක කුසලානය තෙක් විශ්‍රාම නොගන්නා බවත් පාකිස්තාන පිතිකරු යුනිස් ඛාන් පවසයි.
ඔස්ට්‍රේලියා කණ්ඩායමත් සමග ආරම්භවිමට නියමිත එක්දින තරගාවලියට තමන් එක් නොකරගැනීම පිළිබඳව අදහස් දක්වමින් යුනිස් මෙම අදහස් ප්‍රකාශ කළේයට.
එසේම තමන් ටෙස්ට් තරග සඳහා පමණක් එක්කරන නොගන්නා ලෙසත් යුනිස් පවසයි.
"මම කියන්නේ සරළ දෙයක්, ඒ අය කියනවානම් තරුණ අය තමයි එක්දි ක්‍රීඩාවේ අනාගතය කියලා එය ටෙස්ට් ක්‍රීඩාවටත් විය යුතුයි. මට මැරෙන්න ඕන නෑ. මම තව මාස පහකින් අවුරුදු 70ක් වෙන්නේ නෑ. ඒ අය මට රිදවනවා. " යැයි යුනිස් පවසයි.