(GRAPHIC) පාකිස්තානු හිටපු ක්‍රිකට් නායක යුනිස් ඛාන් වසර 15 ක එක්දින ක්‍රීඩා දිවිය හමාර කිරීමට තීරණය කර තිබේ. ඒ ඊයේ (11දා) නිමාවට පත් වූ පාකිස්තානු එංගලන්ත පළමු වැනි එක්දින තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් යුනිස් ඛාන් විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා සිටියේ, තමන්ට එක්දින තරගවලදී තරුණ ක්‍රීඩකයන් හා කරට කර තරග කරමින් ශාරීරික යෝග්‍යතාව රැකගනිමින් තම ස්ථානය සුරක්ෂිත කරගැනීමට සිදුවූ බවයි.
යුනිස් ඛාන් 2010 වසරේ නවසීලන්තය සමග පැවැති තරගාවලියේදී තුන්වැනි විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විස්සයි20 ක්‍රිකට්වලට සමුදුන් අතර, කෙසේ වෙතත් දිගටම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ගැෆික් - මංජු ප්‍රදීප් කුමාර