ශ්රී ලංකා වොලිබෝල් සම්මලෙනය විසින් 11 වැනි වරටත් සංවිධානය කරන මන්චි සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ පළමු දිනයේදී වැඩි දස්කම් දැක්වීමට යුද හමුදා, ගුවන් හමුදා හා වරාය අධිකාරි යන කණ්ඩායම් සමත් වූහ. මෙහිදී මෙම සියළුම කණ්ඩායම් තරගාවලියේ පිරිමි හා කාන්තා අංශ ද්විත්වයෙන්ම තමන් මුහුණ දුන් පළමු තරග වලින් ජය ලැබිමට සමත් වූහ.
මීට අමතරව පිරිමි අංශයේ දී ශ්රී ලංකා විදුලිබල මණ්ඩලයද කාන්තා අංශයේදී ශ්රී ලංකා නාවික හමුදා වද ජය වාර්තා කිරීමට සමත් වූහ.