පාකිස්තානය හා එංගලන්තය අතර නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 10ක් දවාගත් පාකිස්තානයේ පාදඟ පන්දු ක්‍රීඩක යෂීර් ෂා ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ හිමිකරගෙන තිබේ.
2005 වසරේ ඔස්ට්‍රේලියාවේ ශේන් වෝන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක එක දිනාගැනීමෙන් අනතුරුව වසර 11කට පසුව පාදඟ පන්දු යවන්නෙකු එහි පළමු ස්ථානයට පත්වීම සුවිශේෂිය. එමෙන්ම 1996 වසරේදී පාකිස්තානයේ මුෂ්ටාක් අහමඩ්ගෙන් පසුව වසර 20 කට පසුව පාකිස්තානු පාදඟ පන්දු යවන්නෙකු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.
යෂීර් ෂා එංගලන්ත සංචාරය ආරම්භයට පෙර ශ්‍රේණිගත කිරීම්හි 04 වැනි ස්ථානයේ පසුවිය. එමෙන්ම ෂාට වසර 120 ක් පැරැණි වාර්තාවක් බිඳහෙළීමේ අවස්ථාවද එංගලන්ත සංචාරයේදී උදාවී තිබේ. ඒ වේගවත් කඩුලු 100 දවා ගැනීමේ අවස්ථාවයි. මේ වනවිට ෂා ටෙස්ට් තරග 13 කදී කඩුලු 86 න් දවාගෙන තිබේ. එංගලන්තයේ ජෝර්ජ් ලෝමන් ටෙස්ට් තරග 16 කදී වේගවත් කඩුලු 100 දවාගෙන ඇත. ටෙස්ට් පන්දු යවන්නන් අතර ඉන්දියාවේ රවිචන්ද්‍ර අශ්වින් දෙවැනි ස්ථානයත්, එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් තෙවැනි ස්ථානයත් දිනාගෙන තිබේ.
යෂීර් ෂා එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී 6/72 හා 4/69 ක් ලෙස සමස්ත ලකුණු 141 කඩුලු 10 ක් දවාගත්තේය.
ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම
1. යෂීර් ෂා (පාකිස්තානය)
2. රවිචන්ද්‍ර අශ්වින් (ඉන්දියාව)
3. ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)
4. ස්ටුවට් බ්‍රෝඩ් (එංගලන්තය)
5. ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව)
6. රව්න්ද්‍ර ජඩේජා (ඉන්දියාව)
7. ට්‍රෙන්ට් බෝල්ට්(නවසීලන්තය)
8. ජොෂ් හැස්ල්වුඩ් (ඔස්ට්‍රේලියාව)
9. මෝර්නේ මෝකල් (දකුණු අප්‍රිකාව)
10. වර්නන් පිලැන්ඩර් (දකුණු අප්‍රිකාව)