වර්තමානයේදී ලෝක පාපන්දු ක්‍රීඩාවේ නිරන්තරයෙන් කතා බහට ලක්වන චරිත දෙකක් තිබෙනවා. ඒ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලයනල් මෙසීය. පාපන්දු පිටියේ එකිනෙකාට නොදෙවැනි දක්ෂතාවලින් හෙබි මෙම ක්‍රීඩකයන් දෙදෙනා අතර වෙනත් අංශයන් අතර අප්‍රකට තරගයක් පවතින බව ප්‍රසිද්ධ රහසකි.
2013 වසරේ ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හිමිකරගත්තේ පිට පිටම සිවු වරක් එම කිරුළ හිමිකරගත් මෙසී පරාජයට පත්කරමිනි. පාපන්දු ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයා කවුරුන්ද යන්න පිළිබඳව සිදුකළ නවීනතම සමීක්ෂණයකින් ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා බවට රොනාල්ඩෝ පත්ව සිටියි. ඒ පවුම් මිලියන 122ක ධනයක් සමගිනි. මෙසීගේ වත්කම පවුම් මිලියන 120.5කි.