මුරලි හා රංගන තැබූ වාර්තාව මෙන්න
ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ඉනිම වලදී කඩුලු පහ බැගින් වැඩිම අවස්ථා ගණනක් ලබාගෙන ඇති වමත් හා දකුණත් දග පන්දු යවන්නන් දෙදෙනා ශ්‍රී ලංකාවන් බිහිව තිබේ.
ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණය වෙන ටෙස්ට් කඩලු 800ක් දවාගෙන ඇති ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සිය ටෙස්ට් දිවිය තුළදී කඩලු පහ බැගින් අවස්ථා 67ක් ලබාගෙන තිබෙන අතර ඔහු කඩුලු 10 බැගින් අවස්ථා 22ක් ලබාගෙන තිබේ. ඒ අනුව ටෙස්ට් තරග වලදී කඩුලු පහ බැගින් වැඩිම අවස්ථා ගණනක් දවාගෙන ඇති දකුණත් දග පන්දු යවන්නා වන්නේ මුරලිය.
ටෙස්ට් කඩලු 325ක් දවාගනිමින් ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති පන්දු යවනන් අතර 24 වැනි ස්ථානයේ පසුවෙන රංගන හේරත් සිය ටෙස්ට් දිවියේදී එස්.එස්.සී. පිටියේ ඔස්ට්‍රේලියාවට එරෙහිිව පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ලබාගත් කඩලු පහ සමගින් ඉනිම 25කදී කඩුලු පහ බැගින් දවාගෙන තිබේ. ඒ අනුව වමත් දග පන්දු යවන්නන් අතරින් ටෙස්ට් ඉනිම වැඩිම සංඛ්‍යාවකදී කඩුලු පහ බැගින් දවාගත් පන්දු යවන්නා ලෙස හේරත් ඉතිහාසයට එක්වෙයි.
(වමත් වේග පන්දු යවන වසීම් අක්‍රම්ද අවස්ථා 25කදී ටෙස්ට් කඩලු පහ බැගින් දවාගෙන තිබේ. කෙසේ වෙතත් ඔහු අබිබවා යාමට හේරත්ට අවස්ථාවක් තිබේ. ඒ හේරත් තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කළහෝත් පමණි)
වැඩිම අවස්ථා ගණනක් ටෙස්ට් කඩුලු පහ බැගින් දවාගත් ක්‍රීඩකයන් 10 දෙනා.
.jpg)

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

