රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩාකරන ශ්‍රී ලංකාවේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ නිමාවත් සමගින් එම තරගාවලියෙන් විශ්‍රාමගන්නා බව සඳහන් කරයි.
අයි.පී.එල්. වෙන්දේසියේදී මුරලි සිය කණ්ඩායමට එක්කරගැනීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම කටයුතු කළද, ඔහුට අද (07දා) වනතුරුත් එකදු තරගයකට හෝ ක්‍රීඩා කිරීමට නොහැකි විය.
“මේක මගේ අවසන් තරගාවලියයි. මම ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තාට පසුව කරන්න දෙයක් නැති නිසා ලීග තරගවලට සම්බන්ධ වුණා” යැයි මුරලි සඳහන් කරයි.
යාහූ ඇසුරෙනි