ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ඊ.බී. චන්නගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයෙකුද වන චන්නට මේ වන විට ස්ථිර රැකියාවක් නොමැති අතර මේ වන විට ඔහු ගාල්ල ප්‍රදේශයේ කනත්ක මිනී වළවල් හාරමින් සිටින බවට තොරතුරු මාධ්‍ය හරහා වාර්තා කිරීමත් සමග ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය ඒ වෙනුවෙන් යොමුව තිබේ.
හෙට්ටිපොල ප්‍රදේශයේ ඊයේ (21දා) පැවති ජන හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබෙන අතර පාපන්දු සම්මේලනයේ සභාපති සමග සාකච්ඡාකොට චන්න වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හා ක්‍රීඩකයෙක් ලෙස ඔහුට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී සුදුසු රැකියාවකට යොමුකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.