ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු සංචාරයේ ඉදිරි සියළුම තරග අහිමි වන බව වාර්තා වේ.
මැතිව්ස්ගේ පාදයේ ඇතිවී තිබෙන ආබාධය තවමත් සුව අතට හැරී නොමැති වීම මීට හේතුවයි. මේ පිළිබඳ අප කළ විමසුමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු වන චරිත් සේනානායකද මේ බව තහවුරු කලේය.
මේ අතර ඔස්ට්‍රේලියාව සමගින් අනිද්දා (04) පල්ලෙකැලේදී ආරම්භ වන පස්වැනි හා අවසන් එක්දින තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ඉවත් කොට ඇත.
මේ තිදෙනා වෙනුවට අනිද්දා පැවැත්වෙන තරගය වෙනුවන් පිතිකරුවන් වන උපුල් තරංග , නිරෝෂන් දික්වැල්ල හා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සංචිතයට ඇතුළත් වී ඇත.