මැතිව්ස් සංගාට ළංවෙයි
හේරත් අංක තුනට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (18දා) නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් හා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් හා කෞෂාල් සිල්වා තවදුරටත් තම ස්ථානයෙහි ඉදිරියට පැමිණ ඇති අතර, සංගක්කාර සුපුරුදු පරිදි අංක එකෙහිම රැඳී සිටියි. ඊට අමතරව ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානයේ සිට 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
පසුගිය ශ්‍රේණිගත කිරීම්වලට අනුව 5 වැනි ස්ථානයේ පසුවූ ඇන්ජලෝ මැතිව්ස්, තවදුරටත් පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින් අංක 3 දක්වා ඉදිරියට පැමිණ ඇත. ඔහු තම ක්‍රිකට් දිවියේ මෙතරම් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙය විය. එමෙන්ම ටෙස්ට් පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානයේ පසුවූ හේරත්, පියවර තුනක් ඉදිරියට පැමිණ අංක 3 දක්වා උසස්වී ඇත. නමුත් ඩිල්රුවන් පෙරේරා 24 වැනි 25 දක්වා ස්ථානයක් පහතට වැටී ඇත.
එමෙන්ම කෞෂාල් සිල්වා 42 සිට 40 දක්වා උසස් වී ඇති අතර, ගියවර පළමු සිය දෙනා අතරට ඇතුළත්වීමට නොහැකිවූ උපුල් තරග 52 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. ඊට අමතරව 14 වැනි ස්ථානයේ පසුවූ මහේල ජයවර්ධන 15 දක්වා ස්ථානයක් පසු බැස ඇති අතර, මහේල මින් ඉදිරියට ටෙස්ට් ක්‍රීඩා නොකරන බැවින් මින්පසුව ඔහුගේ දක්ෂතා ස්ථාන පහළ වැටී මැකීයනු ඇත.
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම
1.. දකුණු අප්‍රිකා (124), 2. ඔස්ට්‍රේලියා (123), 3. එංගලන්ය (104), 4. ශ්‍රී ලංකාව (101), 5. ඉන්දියාව (96), 6. පාකිස්තානය (96), 7. නවසීලන්ය (93), 8. බ.ඉ. කොදෙව් (74), 9. සිම්බාබ්වේ (39), 10. බංග්ලාදේශය (21)
පළමු ටෙස්ට් පිතිකරුවන් දසදෙනා
1.. කුමාර් සංගක්කාර (915/ ශ්‍රී ලංකාව), 2. ඒ.බී. ඩිවිලියස් (888/ ද. අප්‍රිකාව), 3. ඇන්ජලෝ මැතිව්ස් (873/ ශ්‍රී ලංකාව), 4. ඩේවිඩ් වෝනර් (871/ ඔස්ට්‍රේලියාව), 5. හෂීම් අම්ලා (863/ද. අප්‍රිකාව), 6. ශිව්නරීන් චන්ද්‍රපෝල් (854/ බ.ඉ. කොදෙව්), 7. මයිකල් ක්ලාක් (818/ ඔස්ට්‍රේලියාව), 8. රොස් ටේලර් (795/නවසීලන්තය), 9. ජෝ රූට් (789/ එංගලන්තය), 10. මිස්බා උල් හක් (762/ පාකිස්තානය)
පළමු ටෙස්ට් පන්දු යවන්නන් දස දෙනා
1..ඩේල් ස්ටේයින් (907/ ද. අප්‍රිකාව), 2. රයන් හැරිස් (870/ ඔස්ට්‍රේලියාව), 3. රංගන හේරත් (851/ ශ්‍රී ලංකාව), 4. මිචෙල් ජොන්සන් (844/ ඔස්ට්‍රේලියාව), 5. ජේම්ස් ඇන්ඩර්සන් (806/ එංගලන්තය), 6. වර්නන් ෆිලැන්ඩර් (785/ ද. අප්‍රිකාව), 7. ටිම් සවුති (783/ නවසීලන්තය), 8. ස්ටුවර්ට් බ්‍රෝඩ් (774/එංගලන්තය), 9. සයීඩ් අජ්මාල් (762/ පාකිස්තානය), 10. ටෙන්ඩ් බෝල්ට් (737/ නවසීලන්තය)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

