මැතිව්ස් - චන්දිමාල් ශ්‍රී ලංකා පිල අවදානමෙන් ගලවා ගනිති
නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් අතර පස්වැනි වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 138 ක සම්බන්ධතාව සහ හයවැනි කඩුල්ලට නායක මැතිව්ස් හා ප්‍රසන්න අතර ගොඩනැගුණු නොබිදුණු ලකුණු 96 ක සම්බන්ධතාව හේතුවෙන් සිව්වැනි දිනය සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
පාකිස්තානය සමග අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමට ලකුණු 241 ක් ඉදිරියෙන් හිඳිමින් සිව්වැනි දිනය අවසන් කිරීමට සමත්විය. සිව්වැනි දිනය අවසාන වන විට ශ්‍රී ලංකාකණ්ඩායමට තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට අවශ්‍ය අඩිතාලම දමා ගැනීමට හැකිවිය.
දිනය අවසාන වන විට නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 116 ක් රැස්කරගෙන සිටින අතර, ඔහුට අනගි සහායක් ලබාදුන් ප්‍රසන්න ජයවර්ධන නොදැවී ලකුණු 48 ක් රැස්කරගෙන සිටියි.
සිව්වැනි දිනයේදී පාකිස්තානු පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි. ඒ දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ලයි. චන්දිමාල් ශතකය ආසන්නයේදී ජුනයිඩ් ඛාන්ගේ පන්දුවකට එල්ල කළ පහර නිවැරදිව ස්ථානගත කිරීමට නොහැකිවීම හේතුවෙන් ඩීප් ස්කෙයාලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි රහාට් අලි අතට උඩ පන්දුවක් ලබාදෙමින් දැවී ගියේය. චන්දිමාල් පන්දු 166 දී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 89 ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 204/10 (පන්දුවාර 65)
ඇන්ජලෝ මැතිව්ස් 91 (පන්දු 127, 4x15)
දිමුත් කරුණාරත්න 38 (පන්දු 6, 4x5)
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 58/5 (පන්දවාර 20)
බිලාවල් බාටි 65/3 (පන්දුවාර 15 )
පාකිස්තානය පළමු ඉනිම 383/10 (පන්දුවාර 129.1)
යුනිස් ඛාන් 136 (පන්දු 198, 6x1, 4x19)
මිස්බා උල්හක් 135 (පන්දු 306, 4x13, 6x1)
ශ්‍රී ලංකා පන්දු යැවීම
ශමින්ද එරංග 80/3 (පන්දුවාර 30)
රංගන හේරත් 93/3 (පන්දුවාර 35.1)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 420/5 (පන්දුවාර 148)
ඇන්ජලෝ මැතිව්ස් 116 (පන්දු 282, 6x1, 4x12)
දිනේෂ් චන්දිමාල් 89 (පන්දු 166, 4x12)
කෞෂාල් සිල්වා 81 (පන්දු 177, 4x11)
කුමාර් සංගක්කාර 55 (පන්දු 99, 4x6)
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 81/3 (පන්දුවාර 31)
බිලාවල් බාටි 131/2 (පන්දුවාර 33)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

