මැක්ස්වෙල් හා මිලර් පන්ජාබයට දෙවැනි ජයත් ගෙනෙති
- 20 04 2014
- 23:47
- {{hitsCtrl.values.hits}} views
- . .
පිටපිටම දෙවැනි වතාවටත් පන්ජාබ් කණ්ඩායමේ ග්ලේන් මැක්ස්වෙල් වාර්තා කළ වේගවත් පිතිහරඹය හේතුවෙන් රාජස්ථාන් කණ්ඩායම පරාජය කර කඩුලු 07 ක ජයක් ලැබීමට පන්ජාබ් කණ්ඩායම අද (20දා) සමත්විය.
මැක්ස්වෙල් ලබාගත් ආරම්භය ඩේවිඩ් මිලර් අවසානය දක්වා රැගෙන ගියේය. තරගයේ වීරයා ලෙස මැක්ස්වෙල් සම්මාන ලැබීය.
කාසියේ වාසිය දිනාගත් කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී කඩුලු පහකට ලකුණු 191 ක් රැස්කරමින් පන්ජාබ් කණ්ඩායමට ලකුණු 192 ක ඉලක්කයක් ලබාදුන්නේය.
සංජු සැම්සන් මෙන්ම ෂේන් වොට්සන් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් රාජස්ථාන් ඉනිම ශක්ත්මත් කළහ.
රාජස්ථාන් 191/5 (පන්දුවාර 20)
සංජු සැම්සන් 52 (පන්දු 34, 4x3, 6x3)
ෂේන් වොට්සන් 50 (පන්දු 29, 4x5, 6x3)
මිචෙල් ජොන්සන් 29/1 (පන්දුවාර 4)
පන්ජාබ් 193/3 (පන්දුවාර 18.4)
ග්ලේන් මැක්ස්වෙල් 89 (පන්දු 45, 4x8, 6x6)
ඩේවිඩ් මිලර් 51* (පන්දු 19, 6x5)
චෙටෙස්වාර් පුජාරා 40* (පන්දු 38, 4x3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
