මැකලම්ගේ ඉනිම අයි.පී.එල්. තරගාවලියේ ඉනිමක් ආකාරයේ බවත්, එම ඉනිම ජයග්‍රහණයට විශාල රුකුලක් වූ බවත් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කුරේ ඇන්ඩර්සන් පවසයි.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පෙරේදා (11දා) අවසන් වූ පළමු එක්දින තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ඩර්සන් මේ බව පවසා ඇත.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ඩර්සන්,
"ඇත්තටම බ්‍රෙන්ඩන් මැකලම්ගේ ඉනිම දෙස බැලුවොත් ඔහු ප්‍රවේගකාරී ඉනිමක් ගොඩනැංවූවා. හරියට අයි.පී.එල්. තරගාවලියක ඉනිමක් වගේ. ඔහුගේ එම පළපුරුදු ප්‍රවීණ ඉනිම අපූරුයි. ඒක බලන් ඉන්නත් ආසයි. මගේ ඉනිම සම්බන්ධයෙන් කණ්ඩායමේ සගයන් සමග කතා කළ යුතුයි. විශේෂයෙන් පසුගිය වර්ෂය දෙස හැරී බැලුවොත් ඒ වගේ ඉනිම් කිහිපයක් ක්‍රීඩාකරන්න මට හැකියාව ලැබුණා." යැයි පැවසීය.
මෙම තරගයේ අවසන් භාගයේදී නේදන් මැකලම්ගෙන් ලැබුණු සහයෝගය පිළිබඳ අදහස් දැක්වූ ඇන්ඩර්සන්,
"ඔබ හිතනවා ඇති හොඳින් පන්දුවට පහරදීම මට පහසු කාර්යයක් කියලා. නමුත් ඒක පහසු වෙන්නෙ අනිත් අන්තයේ සිටින සගයාගේ සහයෝගයත් එක්ක. මෙම ඉනිමේදී මම වෙහෙසට පත්වූ අවස්ථාවේ මැකලම් මාව දිරිමත් කළා. විශේෂයෙන් අපේ ආරම්භය තරමක් අසාර්ථක වුවත් අවසානයේ අපට ජයග්‍රහණය කරා යෑමට හැකිවුණා" අවසන් වශයෙන් පවසා සිටියේය.