නවසීලන්තය වෙනුවෙන් පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතකය වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වීමට බ්‍රෙන්ඩන් මැකලම් අද (18දා) සමත්වූයේය. ඒ නවසීලන්ත කණ්ඩයාම හා ඉන්දියාව අතර අද අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 302ක් ලබා ගනිමිනි.
මෙම තරගයේදී මැකලම් විනාඩි 774ක් පිටියේ රැඳී සිටි අතර, එය ඉතිහාසයට එක්වූයේ ටෙස්ට් ඉතිහාසයේ දීර්ඝතම ඉනිම ක්‍රීඩාකළ හත්වැනි ක්‍රීඩකයා ලෙසිනි. මැකලම් වාර්තා කළ ටෙස්ට් ත්‍රිත්ව ශතකය අන්තර්ජාතික ටෙස්ට් පිටියේ 28 වැනි ටෙස්ට් ත්‍රිත්ව ශතකය විය.
එසේම සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ශතකයක් රැස් කළ 10වැනි නවසීලන්ත පිතිකරු බවට පත්වීමට ජේම්ස් නීසාම් (137) මෙම තරගයේදී සමත් විය. තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
දෙරට අතර පැවැති තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජය ගනු ලැබීය.
නවසීලන්තය පළමු ඉනිම 192/10
ඉන්දියාව පළමු ඉනිම 438/10
නවසීලන්තය දෙවැනි ඉනිම 680/8
ඉන්දියාව දෙවැනි ඉනිම 166/3
තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (19දා) අද පුවත්පතේ පළවෙයි.