ලබන වසරේ (2016) පෙබරවාරි මස පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නවසීලන්ත සංචාරයෙන් පසු ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන සියලු කාණ්ඩයන්ගෙන් තමන් සමුගන්නා බව වත්මන් නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් නිවේදනය කර තිබේ.
ඔහු මේ බව අනාවරණය කළේ, ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුව ක්රයිස්චර්ච්හිදී පැවැති මාධ්‍ය හමුවකදීය.
34 හැවිරිදි මැකලම් 2016 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ක්‍රිකට්වලින් නිල වශයෙන් සමුගැනීමට නියමිතය. මැකලම්ගෙන් හිස්වන නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය කේන් විලියම්සන්ට පැවරී ඇති අතර, ඒ අනුව 2016 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවටද මැකලම් සහභාගි නොවනු ඇත.
මැකලම් ටෙස්ට් තරග 99 කදී ශතක 11 ක් හා අර්ධශතක 31 රැස් කරමින් ලකුණු 6273 ක් ලබාගෙන තිබේ. එමෙන්ම එක්දින තරග 254 කදී ශතක 05 ක් හා අර්ධ ශතක 31 රැස්කරමින් ලකුණු 5909 ක් ලබාගෙන තිබේ. මීට අමතරව විස්සයි 20 තරග 71 කදී ශතක 02 ක් හා අර්ධශතක 13 ක් සමගින් ලකුණු 2140 ක් රැස්කරගැනීමට හෙතෙම සමත්ව ඇත.