ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක උපුල් තරංග තමාව මාසය හයක කාලයක් සඳහා ටෙස්ට් තරග සඳහා සම්බන්ධ කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ අනුව පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියටත්, ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියටත් තරංග ක්‍රීඩා නොකරනු ඇත.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ එක්දින හා විස්සයි20 තරග සඳහා මූලිකත්වය ලබාදීමට ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක්ද ක්‍රිකට් ආයතනය තෝරාගෙන තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සැප්තැම්බර් 28 දා සිට ඔක්තෝබර් 10 දක්වා ටෙස්ට් තරග දෙක පැවැත්වෙයි. එයින් එක් තරගයක් දිවා රාත්‍රී තරගයක් ලෙසද පැවැත්වීමට නියමිතය.
තෝරාගත් මූලික සංචිතය