පන්දුවාර 20 ක්රිකට් තරග රටාවේ මේ දිනවල වැඩියෙන්ම දෝෂ දර්ශනයට ලක්වන්නේ ශ්රී ලංකා 20/20 නායක ලසිත් මාලිංගයි. ඊට හේතුව පසුගියදා නිමාවට පත්වූ පාකිස්තානය සමග පැවැති 20/20 තරගාවලියට චන්දිමාල් හා තිරිමාන්න තෝරා නොගැනීමත්, එම තරගාවලිය පුරා දැඩිලෙස අසාර්ථක වූ ක්රීඩාකයා බවට මාලිංග පත්වීමත් නිසාය.
කෙසේ වෙතත් ඉන්දීය සුපිරි ක්රීඩක සචින් තෙන්ඩුර්කාර් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියට පවසා ඇත්තේ මාලිංගගේ පසුබෑම තාවකාලික එකක් බවත්, ඔහු දැනට ලෝකයේ සිටින අංක එකේ 20/20 ක්රීඩකයා බවත්ය. එහිදී සචින් වැඩිදුරටත් පවසා ඇත්තේ බොහෝදෙනා මාලිංගව විවේචනය කරන බවත් ඔහුගේ විලාසිතා දෙස නොව පන්දු යැවීමේ වාර්තා දෙස බලා කටයුතු කරන ලෙසත් ඉල්ලා ඇත.
මාලිංග සමග මුම්බායි ඉන්ඩියන්ස් කන්ඩායමට තරග කරන්න ලැබීම ක්රීඩකයකුට ලැබෙන විරල අවස්ථාවක් බවත්, ඔහු ලෝක පූජිත ක්රීඩකයෙකු බවත් සචින් මාලිංග පිළිබඳව ප්රශංසා මුඛයෙන් එහිදී කරුණු සඳහන් කර තිබේ.