මාලිංගගේ වාර්තාව හෙට
- 25 04 2016
- 21:07
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්‍රී විජේරත්න
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ආබාධය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතයේ වෛද්‍ය කමිටුව සැකසූ වාර්තාව හෙට (26දා) දිනයේදී ක්‍රිකට් ආයතනයට භාරදෙන බව එම කමිටුවේ සාමාජික මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා 'අද' ට පැවසීය.
ලසිත් මාලිංග පාදයේ ආබාධයක් හේතුවෙන් පසුගිය ආසියානු කුසලානයේ සිට ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා නොකළ අතර ඒ හේතුවෙන් මෙවර අයි.පී.එල්. තරගාවලියද අහිමි විය.
කෙසේ වෙතත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වෛද්‍යවරු පවසා තිබුණේ මාලිංගට මාස 4 ක් විවේක ගන්නා ලෙසයි. එම ප්‍රකාශය තහවුරු කරමින් පසුගියදා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ද පැවසුවේ මාලිංගට මාස ගණනාවක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගත යුතු බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
