ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම් නායක ලසිත් මාලිංග පාකිස්තානු සුපර්ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව තිබේ. ඒ පාකිස්තානු ක්‍රිකට් තරගාවලිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වීමත්, තමාට විස්සයි20 ලෝක කුසලානය සඳහා හොඳ පෙර සූදානමක් ලබාගැනීමට අවශ්‍ය බව පවසමිනි.
කෙසේ වෙතත් මීට පෙර ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක ඇන්ජෙලෝ මැතිව්ස් යන දෙදෙනාම පාකිස්තානු සුපර්ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට එකඟ වී තිබුණි.
නමුත් පාකිස්තානු සුපර්ලීග් තරගාවලිය පෙබරවාරි මස හා විස්සයි20 ලෝක කුසලානය මාර්තු මස පැවැත්වීම හේතුවෙන් පාකිස්තානු සුපර්ලීග් තරගාවලියේදී යම් ආබාධයක් සිදුවුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි ලෙස බලපානු ඇතැයි නිගමනය කර මාලිංග මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.