මහේලට බිග් බෑෂ් අහිමිවෙයි
- 11 01 2016
- 17:59
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්‍රී විජේරත්න
ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලියේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් ප්‍රදර්ශනය කරමින් සිටින ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධනට පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තරගාවලියේ අවසන් තරග ද්විත්වය (ජනවාරි 13/18) අහිමි වී තිබේ.
පසුගිය ජනවාරි 8 වැනිදා බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමග පැවැති තරගයේදී ලකුණක් ලබාගැනීමට දිවයාමේදී මහේල මෙම ආබාධයට ලක්ව තිබේ.
38 හැවිරිදි මහේලගේ ආබාධය සම්බන්ධයෙන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ භෞත චිකිත්සක ජෝන් පෝර්ටර් සඳහන් කර තිබුණේ, මහේල නැවත යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන බවත්, ඉක්මනින් මහේලට සුවය ලැබිය හැකි බවත්ය. ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
