ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන මහේල ජයවර්ධන සිය 37 වැනි උපන්දිනය අද (27දා) සැමරීය.
ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් මේ දිනවල එංගලන්තයේ සංචාරයක නිතර වී සිටින මහේල, සිය උපන්දිනය සැමරීම සඳහා ඔහුගේ ප්‍රියතම ක්‍රීඩා සමාජය වන මෑන් යුනයිටඩ් ක්‍රීඩා සමාජය යොදාගත් අතර, එහිදී ඔහු එම ක්‍රීඩාංගණයේදී පාපන්දු ක්‍රීඩාවේ නිරතවීමටද අමතක නොකළේය.
මහේල සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, තම ආදරණීය බිරිඳ උපන් දිනයේදී තමාව පුදුම කළ බවයි. ඒ සඳහා ක්‍රිස්ටිනා ජයවර්ධන මහේලගේ ප්‍රියතම මෑන් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ සුපිරි පාපන්දු ක්‍රීඩක රයන් ගිග්ස්ගේ අත්සනින් යුත් ටි ෂර්ටයක් තෑගි කිරීමට කටයුතු කර තිබු බවද එහි සඳහන් කර තිබුණි.
ඡායාරූප -මහේලගේ ට්විටර් ගිණුම