සිය 16 වසරක ටෙසට් දිවියට සමුදීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන කටයුතු කරනු ලැබිය. මහේලගේ සමුගැන්ම පිළිබඳව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුරලිරන් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අදහස් දක්වා තිබුණි.
"ඔහු ශ්‍රී ලංකාවට ක්‍රීඩාකළ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔහුට අගනා වාර්තා තිබෙනවා. මහේල මගේ රැකියාව (පන්දු යැවීම) පහසු කළා. මොකද ඔහු දිගු ඉනිම් ක්‍රීඩාකරන නිසා මට වැඩිපුර පන්දු යැවීමට අවස්ථාව හිමිවුණා. ඔහු කණ්ඩායමට පැමිණි අවස්ථාව කණ්ඩායමට එකතුවෙන්න අපහසු අවස්ථාවක්. මොකද ඒ වනවිට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සිටියා."
"මම ඔහුව ස්ලිප්වලට යොදාගන්නවා. මොකද ඔහු ඉතාමත් ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වනවා. හොඳ තාක්ෂණයක් හා හොඳ අතක් ඔහුට තිබෙනවා. ස්ලිප් සිට දඟපන්දු යවන්නෙකුගේ උඩ පන්දුවක් ලබාගන්නවා කියන්නෙ අපහසු දෙයක්. ඔහු ස්ලිප්වල හිටියා කියන්නෙ මට පහසුවක්. ඔහු සෑම ක්‍රීඩකයෙකුටම විශ්වාසය දුන්නා. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයන්ට. ක්රීඩාගාරයේදී ඔහු නිහඬ චරිතයක්. නමුත් ක්‍රීඩා පිටියේදී ඔහු ඊට හාත්පසින්ම වෙනස්."
ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි