පාකිස්තාන ආරම්භක පිතිකරු ෂාන් මසූඩ් හා ජ්‍යෙෂ්ඨ පිතිකරු යුනිෂ් ඛාන් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 217ක වාර්තාගත සබඳතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 376 ඉලක්කයට සාර්ථක පිවිසුමක් ලබාගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා අද (07දා) දිනයේදී පාකිස්තානය ලකුණු තවත් ලකුණු 147ක් රැස්කළ යුතු අතර ශ්‍රී ලංකාව කඩුලු 08ක් දවාගත යතුය. ඒ අනුව පාකිස්තානය තරගයේ ඉදිරියෙන් සිටියි. සිවුවැනි කඩුල්ලට මසූඩ් හා යුනිස් ගොඩනැගූ සබඳතාව එරට වෙනුවෙන් සිවුවැනි කඩුල්ල සඳහා වාර්තාවූ ඉහළම සබඳතාව වෙයි.
යුනිස් ඛාන් දෙවැනි ඉනිමේදී සිය ටෙස්ට් දිවියේ 30වැනි ශතකය රැස්කළ අතර, මසූඩ් රැස්කළේ සිය පළමු ටෙස්ට් ශතකයයි. මෙම ශතකයද සමගින් යුනිස් ටෙස්ට් තරගවල දෙවැනි ඉනිමේදී ශතක පහක් රැස්කර තිබෙන අතර, එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු ක්‍රීඩකයා වන්නේද ඔහුය.
පාකිස්තානු දෙවැනි ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 13ක් වනවිට දවාගැනීමට සුරංග හා ධම්මික සමත්වෙමින් තරගයට හොඳ ප්‍රවේශයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද,මසූඩ් හා යුනිස් ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දැමූහ.
පසුගිය සිකුරාදා (03දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 278 ක් රැස්කිරීමට සමත්විය. දිමුත් සිය දෙවැනි ටෙස්ට් ශතකය රැස්කරමින් රැස්කරමින් ඉනිම ඔසවා තැබීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායමට තම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 215 ක් පමණි. සෆ්රාස් අහමඩ් නොදැවී ලකුණු 78ක් රැස්කරමින් පාකිස්තානය තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ගියේය.
ලකුණු 63 ක වාසියක් සමගින් ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ආරම්භකළ අතර, ඊයේ (06දා) දිවා ආහාරය වනවිට ඔවුන් ලකුණු 313කට සීමාකිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පාකිස්තානු කණ්ඩායමට ලකුණු 377 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. සටනක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා ඉනිම රැගෙන ගිය ඇන්ජලෝ මැතිව්ස්නායකත්ව ඉනිමක් ගොඩනගමින් ලකුණු 122 ක් රැස්කිරීමට සමත්විය. එය ඔහුගේ 05 වැනි ටෙස්ට් ශතකයද විය. ඔහුට අගනා සහායක් ලබාදුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 67ක් රැස්ළේය. මැතිව්ස් හා චන්දිමාල් හයවැනි කඩුල්ල සඳහා ලකුණු 117ක සබඳතාවක් නැංවූහ.
මුළු ලකුණු සංඛ්‍යාව 278දී චන්දිමාල් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ධම්මික ප්‍රසාද් ඊළඟ පන්දුවෙන් දවාගැනීමට ඉම්රාන් ඛාන් සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම වේගවත් වූ අතර, අවසන් කඩුල්ල ලෙසින් නායක ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත්වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 313කට සීමාවිය.
ඡායාරූප ශාන්ත රත්නායක
ශ්‍රී ලංකාව පළමු ඉනිම 278/10 (පන්දුවාර 89.5)
දිමුත් කරුණාරත්න 130 (230, 4x14), උපුල් තරංග 46 (92, 4x06), ජෙහාන් මුබාරක් 25 (63, 4x4), දිනේෂ් චන්දිමාල් 24 (41, 4x2), යසීර් ෂා 5/78 (31.5), රාහත් අලී 3/74 (21), අසාර් අලී 2/35(07)
පාකිස්තානය පළමු ඉනිම 215/10 (පන්දුවාර 66)
සෆ්රාස් අහමඩ් නොදැවී 78(104, 4x6), අසාර් අලී 52 (96, 4x8), අහමඩ් ශේෂාඩ් 21 (29, 4x5), ධම්මික ප්‍රසාද් 3/78 (19), නුවන් ප්‍රදීප් 3/29 (15), තරිඳු කෞෂාල් 3/37 (14)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 313/10 (පන්දුවාර 95.4)
ඇන්ජලෝ මැතිව්ස් 122 (252, 4x12, 6x1), දිනේෂ් චන්දිමාල් 67 (103, 4x8), උපුල් තරංග 48 (47, 4x6),ජෙහාන් මුබාරක් 35 (94, 4x6), ඉම්රාන් ඛාන් 5/58, යසීර් ෂා 2/80 (32), රාහත් අලී2/82 (21),යසීර් ෂා 2/80 (32), ඒශාන් අඩිල්1/66 (17)
පාකිස්තානය දෙවැනි ඉනිම313/10 (පන්දුවාර 95.4)
ෂාන් මසූඩ් 114* (198, 4x11, 6x1), යුනිස් ඛාන් 101* (166, 4x9), සුරංග ලක්මාල් 1/34 (12), ධම්මික ප්‍රසාද් 2/42 (13)