මයිලෝ 18 න් පහළ රග්බි කුසලානය ඉසිපතනයට
අවසන් තරගයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 17-05 ක් ලෙසින් පරාජයට පත් කරමින් මයිලෝ සමස්ත ලංකා 18 පහළ රග්බි තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (06දා) පැවැති අවසන් තරගයේ පළමු අර්ධයේදී ලකුණු 03-05 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට සමත් වූයේ ශාන්ත තෝමස් විද්‍යාලයයි.
මේ අතර තරගාවලියේ කුසලාන ශූරතාව බොරැල්ල වෙස්ලි විදුහලටත් බඳුන ශූරතාව, මහනුවර ත්‍රිත්ව විදුහලටත් පළිහ ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහලටත් හිමි විය.
ශූරතාව දිනූ කොළඹ ඉසිපතන විදුහල
අනුශූරතාව දිනූ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල
පළඟ ශූරතාව දිනූ බොරැල්ල වෙස්ලි විදුහල
පළඟ අනුශූරතාව දිනූ ගල්කිස්ස විද්‍යා විදුහල
බඳුන ශූරතාව දිනූ මහනුවර ත්‍රිත්ව විදුහල
බඳුන අනුශූරතාව දිනූ මහනුවර කිංග්ස්වුඩ් විදුහල
පලිහ ශූරතාව දිනූ මහනුවර විද්‍යාර්ථ විදුහල
පලිහ අනුශූරතාව දිනූ කොළඹ තර්ස්ටන් විදුහල
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

