දක්ෂතම ධාවකයා මධුරංග කල්දේරා
දක්ෂතම රියදුරා පසිඳු පීරිස්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය හා එක්ව සංවිධානය කළ රොදර්හැම් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය ඊයේ (12දා) කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී නිමාවට පත්විය.
තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස මධුර කල්දේරා සම්මාන හිමිකරගත් අතර, දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස පසිඳු පිරීස් සම්මාන හිමිකර ගත්තේය.
තරග ඉසව් 19ක් යටතේ පැවැති මෙවර තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුළු තරගකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
මෙම වසරේ සියැට් ස්ලාඩා - ශූරතාව සඳහා පැවැත්වෙන අවසන් තරගාවලියද මෙය වෙයි.
ඡායාරූප ඉසුරු පෙරේරා