මීටර් 200 ඉසව්ව සඳහා වසරේ වේගවත්ම කාලය වාර්තා කරමින් එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ජැමෙයිකාවේ උසේන් බෝලට් සමත්විය. ඒ මීටර් 200 අවසන් තගරය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැති අවසන් පූර්ව තරගයෙන් තත්පර 19.78ක කාලයක් සමගින් ජයගැනීමත් සමගිනි.
බොල්ට් සහභාගිවෙන මීටර් 200 අවසන් මහ තරගය හෙට (19දා) ශ්රී ලංකා වේලාවෙන් පෙ.ව. 7.00ට පැවැත්වීමට නියමිතය. ඒ අනුව සිය අටවැනි ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනිම සඳහා ආසන්නම අවස්ථාවට මේ වන විට බෝල්ට් පැමිණ තිබේ.
කෙටිදුර ධාවනයේදී මේ වන විට ඔහුගේ ප්රභල ප්රතිවාදියා වෙන ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් අවසන් පූර්ව තරගයෙන් පරාජය වීම හේතුවෙන් ඔහුට මීටර් 200 අවසන් මහ තරගයට තරග කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය. එසේම ජැමෙයිකාවේ තවත් සුපිරි කෙටිදුර ධාවකයෙකු වෙන යොහාන් බ්ලේක්ටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබාගැනීමට නොහැකිවිය.
මිටර් 200 සඳහා ලෝක වාර්තාවට හිමිකම් කියන බෝල්ට් එය නිම කිරීමට ගත කර ඇති කාලය තත්පර 19.19ක් වන අතර අවසන් මහ තරගයේදී තමාට එම කඩයිම පසුකර යා හැකිවෙතැයි විශ්වාස කරන බවද තරගයෙන් අනතුරුව බෝල්ට් පැවැසීය.