මිහිපිට වාසය කරන පිරිමින් අතරින් ජැන්ඩියට අඳින පලඳින පිරිමියා ඩේවිඩ් බෙකම් බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා දෙයකි. බෙකම්ගේ විලාසිතාවලට ප්‍රියකරන මිහිපිට වාසය කරන පිරිමින් මෙතකැයි කිව නොහැකි සේම, ඔහුගේ විලාසිතා අනුකරණය කරන්නටද පිරිමින් පෙළඹෙන්නේ කිසිදු පැකිළීමකින් තොරවයි. අතීතයේදී බොහෝ පිරිමින් භාවිත කළ විලාසිතාවක් නැවත කරළියට ගෙන ඒමට බෙකම් පසුගිය අඟහරුවාදා කටයුතු කළේය. අත්දිග කමිසයේ වැළමිට අසලට පටියක් භාවිත කරමින් ඔහු පැරණි විලාසිතාවක් නැවත කරළියට ගෙන ඒමට කටයුතු කර ඇත.
පෞද්ගලික සංචාරයක් සඳහා මියාමි වෙත පැමිණ සිටින බෙකම් අඟහරුවාදා සන්ධ්‍යාවේදී හෝටලයෙන් එළියට පැමිණියේ අව් කණ්ණාඩියක්, කළු පැහැති කලිසමක්, නිල් පැහැති කමීසයක් සහ එම කමිසයේ වැළමිට ආසන්නයේ පටි දෙකක්ද පැලඳගෙනය.
කපිල ප්‍රසාද්